ඉරානය සමඟ සාකච්ඡා අද ආරම්භ කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

Share

ඉරානය සමඟ සාකච්ඡා අද (03) පස්වරුවේ ආරම්භ කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත . සැලසුම් කළ ප්‍රහාර නවතන ලෙස සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය, ඇමරිකාවෙන් ඉල්ලීම් කර ඇති පසුබිමකයි ඔහු මෙලෙස සඳහන් කර ඇත්තේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ මෙන් ම ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඉවත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් පවතින බව ද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත. ඉරානය ද තම රටට එරෙහි ව එල්ල කරන ප්‍රහාර නවතන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටි බව ද හෙතෙම පැවසීය.ඒ අනුව ඉරානය සමඟ සාකච්ඡා සඳහා අවතීර්ණ වන බව ද ඔහු සඳහන් කර තිබේ.
පාකිස්ථානය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය ඇතුළු රටවල් රැසක් දැනටමත් ඇමරිකාවෙන් සහ ඉරානයෙන් යුද ගැටුම් නවතන ලෙස ඉල්ලීම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

Read more

Local News