චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ස්ථාවර වර්ධනයක්

Share

පසුගිය ජූලි මස චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ සෞභාග්‍යතා දර්ශකය 50.4%ක් වූ අතර එය සමස්තයක් වශයෙන් වර්ධන ප්‍රවණතාවක පවතී.
චීන භාණ්ඩ ප්‍රවාහන සහ මිලදී ගැනීමේ සම්මේලනය අද(4) නිකුත් කළ දත්තවලට අනුව, පසුගිය ජූලි මස චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ නව ඇණවුම් දර්ශකය අඛණ්ඩ ප්‍රකෘති වීමක් පෙන්නුම් කරමින් කාර්මික සැපයුම් ප්‍රවාහනවල තවදුරටත් දියුණුවක් පෙන්නුම් කර ඇත. මේ අනුව, පසුගිය ජූලි මාසයේ නව ඇණවුම් දර්ශකය 50.5%ක් වූ අතර එය ජුනි මාසයට වඩා 0.2%ක වැඩිවීමකි. මාස පහක් තිස්සේ එම අඛණ්ඩ වැඩි වීම පෙන්නුම් කර තිබේ.
මේ අතර, ප්‍රවාහන උපකරණ, සන්නිවේදන ඉලෙක්ට්‍රොනික උපකරණ, විදුලි යන්ත්‍රෝපකරණ සහ ස්මාර්ට් ගෘහ උපකරණ සඳහා වන කාර්මික සැපයුම් ප්‍රවාහන සේවාවන්හි ස්ථාවර වර්ධනයක් ද එම දත්තවලින් පෙන්නුම් කෙරේ.

Read more

Local News