මේ වසරේ අගෝස්තු මාසය ආරම්භයේ ලොව බොහෝ රටවල් සිය ඉහළම මට්ටමේ උෂ්ණත්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, මැද පෙරදිග සහ නැගෙනහිර ආසියාවේ බොහෝ රටවල උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉතිහාසයේ ඉහළම අගයන් පෙන්නුම් කිරීම දැඩි අවධානයට ලක් ව ඇත.
බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයේ දත්තයන්ට අනුව, පසුගිය ජූලි මාසයේදී එරට වර්ෂාපතනය 35%ක වාර්ෂික සාමාන්‍ය අගයක් වාර්තා කර ඇත.
ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් හි උෂ්ණත්වය ද අගෝස්තු මස 01 වන දින සෙල්සියස් අංශක 46 දක්වා ළඟා වූ අතර එය මේ වසරේ මේ දක්වා එහි වාර්තා වූ ඉහළම අගයයි.
ජූලි මස 21 වන දින සිට 25 වන දින දක්වා ජපානයේ ද අඛණ්ඩව දින පහක් පුරා සෙල්සියස් අංශක 40 ඉක්මවූ ඉහළ උෂ්ණත්වයක් වාර්තා වනවා.
Share
Read more



