චීනයේ කෘත්‍රිම බුද්ධි කර්මාන්තයේ සංවර්ධන ප්‍රවණතාව පිළිබඳව ඇමරිකාවේ Fortune සඟරාව, බ්‍රිතාන්‍ය Financial Times පුවත්පත, ජර්මනියේ Die Zeit පුවත්පත ඇතුළු විදේශීය මාධ්‍ය ආයතන මෑතකදී වාර්තා කර තිබුණි. චීන සමාගම් ඉදිරිපත් කළ ඉහළ කාර්යසාධනයක් සහිත විවෘත මහා පරිමාණ AI ආකෘති ගෝලීය වෙළඳපොළේ අඛණ්ඩ ව පිළිගැනීමට ලක්වන බව විශ්වාස කෙරේ.
චීනය සිය මහා පරිමාණ AI ආකෘති ලොවට විවෘත කිරීම යනු කෘත්‍රිම බුද්ධිය පුළුල් ලෙස භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම පමණක් නොවේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා චීනය කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ විශේෂ පුහුණු අවස්ථා දහස් ගණනක් ගොඩනැගෙන බව බ්‍රිතාන්‍ය Financial Times පුවත්පතේ වෙබ් අඩවිය ප්‍රකාශ කර ඇත. චීනය ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි යෙදුම් සහයෝගීතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනු ඇතැයි ද එහි සඳහන් ව තිබුණි. තවද, විශ්ලේෂකයින්ට අනුව, ස්වාධීන පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් නොමැති ගෝලීය දකුණේ රටවල පාරිභෝගිකයින්ට ඇමරිකාවේ සංවෘත මහා පරිමාණ AI ආකෘති, මිල අධික වන බව ද Financial Times පුවත්පත වාර්තා කර ඇත.




