Oriental Smart Eye අධිවර්ණාවලි චන්ද්‍රිකා හෙවත් විවිධ ආලෝක තරංග ආයාම විශාල ප්‍රමාණයක් විශ්ලේෂණය කරන චන්ද්‍රිකා දෙකක් චීනයේ Taiyuan චන්ද්‍රිකා මධ්‍යස්ථානය විසින් ඊයේ (5) නැගෙනහිරි චීනයේ Shandong පළාතේ Haiyang නගරයේ ආසන්න මුහුදු ප්‍රදේශයෙන් කක්ෂගත කෙරිණ. එය සිදුකෙරුණේ Smart Dragon-3 ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙනි. මෙහිදී චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වීමත් සමඟ මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර ඇත.



