අකිල විරාජ් කාරියවසම්ට ඇප

Share

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ඔහුගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර තිබෙනවා. සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අවවාද කළා. මෙම නඩුව ඔක්තෝබර් 20 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Read more

Local News