ජාත්‍යන්තර අධ්‍යාපනික සහයෝගිතා මර්දනයට එරෙහිව චීනයේ විරෝධය

Share

සාමාන්‍ය ජාත්‍යන්තර අධ්‍යාපනික සහයෝගිතාවන් මර්දනය කිරීමේ උත්සාහයන්ට චීනය දැඩිව විරුද්ධ වන බව චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.
චීනයේ ෂැන්ඩොං විශ්වවිද්‍යාලය සහ චීන විද්‍යා ඇකඩමිය සමඟ සහයෝගිතා ගිවිසුම් අවසන් කරන ලෙස ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong පසුගියදා  එරට ජාතික විශ්වවිද්‍යාලයෙන් සහ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ ස්ථාවරය පැහැදිලි කරමින් මේ බව පැවසීය. ඊනියා ජාතික ආරක්ෂාවේ නාමයෙන් සාමාන්‍ය ජාත්‍යන්තර අධ්‍යාපනික සහ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව සීමා කිරීමටත් මර්දනය කිරීමටත් චීනය විරුද්ධ වන බව Lin Jian මහතා එහිදී අවධාරණය කළේය.

Read more

Local News