අතුරුදන් වූ වෛද්‍යවරයාගේ සිරුර මහියංගනයේ රක්ෂිතයකින් හමුවෙයි – සියදිවි නසාගැනීමක්දැයි සැකයක්

Share

බදුල්ල මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් දයාරත්න ඊයේ (23) උදෑසන සිට ආගිය අතක් නොමැති බවට එදින රාත්‍රී 9.50ට මහියංගනය පොලිස් ස්ථානයට 119 හදිසි ඇමතුමක් ලැබී තිබෙනවා. ඉන් අනතුරුව ඔහුට අයත් CP CBE 7593 දරණ රතු පැහැති මිට්ෂුබිෂි මෝටර් රථය මහියංගනය 17 කණුව ප්‍රදේශයේ නවතා තිබියදී සොයාගෙන තිබුණා. පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මෝටර් රථය නවතා තිබූ ස්ථානයට යාබද රක්ෂිත ප්‍රදේශයේ තිබී වෛද්‍යවරයාගේ මෘත දේහය අද පෙරවරුවේ සොයාගෙන තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News