චීන ජනපති ඊජිප්තුවේ නිල සංචාරයක

Share

රාජ්‍ය සංචාරයක් සඳහා ඊයේ (01) රාත්‍රියේ ඊජිප්තුවේ කයිරෝ නුවර වෙත පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් සහ ආර්යා Peng Liyuan වෙත ගුවන්තොටුපළේදී ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණ.
ඊජිප්තු ජනාධිපති Abdel Fattah El-Sisiගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සඳහා එක්වන චීන ජනපතිවරයා ගුවන්තොටුපළ වෙත පැමිණි පසු ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් දෙරට අතර සබඳතා සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර මිත්‍රත්වය, සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය සඳහා චීනයත් ඊජිප්තුවත් ලොවට ආදර්ශයක් සපයන බව හෙතෙම එහිදී සඳහන් කළේය.
එමෙන්ම දෙරරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 70ක් ගතව ඇති බවත්, එම කාලය තුළ ජාත්‍යන්තර හා කලාපීය තත්ත්වයන් කවර ආකාරයක් ගනු ලැබුවද, දෙපාර්ශ්වය එකිනෙකා වෙත සහයෝගය දක්වා ඇති බවත් ඔහු පැවසීය.
මෑත වසරවලදී දෙරටේ රාජ්‍ය නායකයින්ගේ ඒකාබද්ධ මෙහෙයවීම යටතේ, චීන-ඊජිප්තු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය, සුවිශේෂී සංවර්ධනයක් අත්කර ගෙන ඇති බව ද, චීන ජනපතිවරයා එහිදී සිහිපත් කළේය.
එමෙන්ම ද්විපාර්ශ්වික සබඳතා සහ සියලු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව මෙන්ම පොදු උනන්දුවක් දක්වන ජාත්‍යන්තර හා කලාපීය ගැටලු සම්බන්ධයෙන් ද El-Sisi ජනාධිපතිවරයා සමඟ ගැඹුරින් සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව ෂී ජින්පින් එහිදී සඳහන් කර තිබේ.
ඒ ඔස්සේ චීන-ඊජිප්තු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ අනාගත සංවර්ධනය සඳහා නව මංපෙත් විවර කිරීමට දෙරටේ නායකයින් සූදානම් වන බවත් ජනපති ෂී ජින්පිං අවධාරණය කර ඇත.

Read more

Local News