ශැංහයි සහයෝගිතා සංවිධානයේ බිෂ්කෙක් ප්‍රකාශය එළිදකී

Share

ශැංහයි සහ‍යෝගිතා සංවිධානය ස්ථාපිත කිරීමේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් බිෂ්කෙක් ප්‍රකාශය නිකුත් කරයි. ශැංහයි සහ‍යෝගිතා සංවිධානය (SCO) ස්ථාපිත කිරීමේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායක කවුන්සිලයේ ඊයේ (01) පැවති රැස්වීමේදී මෙය නිකුත් කෙරිණ.
‘ශැංහයි සහ‍යෝගිතා සංවිධානයේ ප්‍රඥප්තියේ’ අරමුණු සහ මූලධර්ම අනුගමනය කරමින් යහපත් අසල්වැසි සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා පුළුල් හා කාර්යක්ෂම සහයෝගීතාවයක් ඇති කිරීමට සාමාජික රටවල් කැපවන බව එම ප්‍රකාශය අවධාරණය කරයි.
කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගනිමින් විවිධ තර්ජන සහ අභියෝගයන්ට මුහුණ දීමේදී SCO සංවිධානය ලබා ගත් ජයග්‍රහණ මෙහිදී සාමාජික රටවල ඉහළ පැසසුමට ලක්ව ඇත.
එමෙන්ම ආර්ථික හා සමාජීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතිය, ක්‍රීඩා, විද්‍යාව හා තාක්ෂණය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්හි හුවමාරු සහ සහයෝගීතා ගැඹුරු කිරීම සඳහා SCO ලබා ඇති ජයග්‍රහණ ද සාමාජික රටවල් බෙහෙවින් අගය කළහ.
සංවිධානාත්මක සමගිය තහවුරු කොට ඉදිරි වසර 10 (2026-2035) සඳහා SCO සංවර්ධන උපායමාර්ගයේ’ දක්වා ඇති කාර්යයන් සහ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජික රටවල් අඛණ්ඩව කැපවී සිටින බව ද එම ප්‍රකාශය පවසා ඇත.
මේ අතර, 2025 SCO ටියැන්ජින් සමුළුවෙන් පසුව, චීනයේ අදාළ දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය පාලන ආයතන, ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධාන මුලපිරුම් සහ සමුළුවේදී එළඹි වැදගත් එකඟතාවන් සක්‍රියව ක්‍රියාත්මක කර ඇත.
චීනය, ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් සමඟ දේශපාලන, ආරක්ෂක, ආර්ථික සහ සංස්කෘතික යනාදී ක්ෂේත්‍රයන්හි, බහු සහයෝගිතා ගිවිසුම් ප්‍රකාරව, විවිධ ක්‍රියාකාරකම් පවත්වමින් ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.
එලෙසින් චීනය ප්‍රායෝගික ක්‍රියාමාර්ග හරහා ශැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනයට අඛණ්ඩව දායක වේ.

Read more

Local News