ඇමරිකා – කැනඩා වෙළෙඳ ගැටුම තවදුරටත් දරුණු වෙයි

Share

ට්‍රම්ප්ගේ නියෝගයෙන් ඇමරිකානු රජයේ කොන්ත්‍රාත් ලැයිස්තුවලින් කැනේඩියානු නිෂ්පාදන ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඒ කැනඩාව විසින් ඇමරිකානු භාණ්ඩ සඳහා ප්‍රතිපියවර වශයෙන් පැනවූ බදුවලට ප්‍රතිචාර වශයෙනි. සාමාන්‍ය සේවා පරිපාලන ආයතනය සහ ඇමරිකා වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග එක්ව කැනේඩියානු නිෂ්පාදිත, ඇමරිකානු රජයේ අනුමත කර ඇති කොන්ත්‍රාත් ලැයිස්තුවලින් ඉවත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස නියෝග කළ බව හෙතෙම සඳහන් කර ඇත. ඇමරිකානු ගොවීන්ට සහ සමාගම්වලට කැනේඩියානු වෙළෙඳපොළට සාධාරණ ප්‍රවේශයක් ලබා නොදෙන බවට ඇමරිකානු ජනාධිපතිවටයා කැනඩාවට චෝදනා එල්ල කළේය.
අන්‍යෝන්‍ය ප්‍රතිලාභයක් නැත්නම් ප්‍රවේශයක් නැත යනුවෙන් Trump අවධාරණය කර ඇත.
හෙතෙම මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ඇමරිකාව සහ කැනඩාව අතර වෙළෙඳ ආතතීන් තවදුරටත් උත්සන්න වෙමින් පවතින අවස්ථාවකදීය.
එවන් පසුබිමක, ඇමරිකාව සමඟ පවතින වෙළෙඳ ගැටුමට මුහුණ දීම සඳහා ජාතික එකමුතුවක් අවශ්‍ය බව කැනේඩියානු අගමැති Mark Carney සඳහන් කර තිබේ. අගෝස්තු අගදී ඇමරිකාව විසින් කැනේඩියානු භාණ්ඩ සඳහා 50%ක බදු පැනවීමෙන් පසු දෙරට අතර වෙළෙඳ සාකච්ඡා මුළුමනින්ම බිඳ වැටිණ. ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාව වානේ, කිරි නිෂ්පාදන, කෘෂිකාර්මික උපකරණ, සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු ඇමරිකානු ආනයන සඳහා ද බදු පැනවීමට කටයුතු කළේය. ක්‍රියාමාර්ග ගැනීමේදී සෑම විටම යම් වියදමක් දැරීමට සිදුවන නමුත් ක්‍රියාමාර්ග නොගෙන සිටීමෙන් සිදුවන පාඩුව ඊට කිසිසේත් සමාන නොවන බව Mark Carney පැවසීය.ඇමරිකානු පාර්ශ්වය අවසන් මොහොතේදී කැනඩාවේ ස්වෛරීභාවයට සහ ප්‍රධාන කාර්මික අවශ්‍යතාවලට තර්ජනයක් වන අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කළ බවද හෙතෙම අවධාරණය කළේය.
එවැනි ගිවිසුමකට එකඟ වීම වෙනුවට ගිවිසුමෙන් ඉවත්ව ඊට එරෙහිව පියවර ගැනීමට කැනඩාව තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ

Read more

Local News