NATO ප්‍රහාරක යානා නියමුවන් විසින්, ලිතුවේනියානු ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් බිම හෙළා විනාශ කර ඇති බව එරට ජනාධිපති Gitanas Nausėda ප්‍රකාශ කර තිබේ.
අසල්වැසි බෙලරූස් සිට ලිතුවේනියාවේ දකුණු ප්‍රදේශයට, එනම් එරට දෙවැනි විශාලතම නගරය වන Kaunas ආසන්නයට මෙම ඩ්‍රෝන යානය ඇතුළු වන්නට ඇතැයි බලධාරීහු පවසති.
“ලිතුවේනියානු ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් NATO ප්‍රහාරක යානා විසින් විනාශ කර තිබෙනවා” යනුවෙන් Gitanas Nausėda, X සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ඩ්‍රෝන යානයේ තොරතුරු මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව එරට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ
Share
Read more



