චීන-යුරෝපා වෙළඳ සහ ආයෝජන උපදේශන යාන්ත්‍රණයේ දෙවන නිත්‍ය රැස්වීම ඔක්තෝබර් 8 සහ 9 දෙදින චීනයේ බෙයිජිං අගනුවරදී පැවැත්විණ. චීන වාණිජ අමාත්‍ය Wang Wentao සහ වෙළඳ සහ ආර්ථික සුරක්ෂිතතාව පිළිබඳ යුරෝපා කොමිසමේ කොමසාරිස් Maroš Šefčovič යන මහත්වරු එම රැස්වීමට එක් වූහ. එහිදී දෙපාර්ශ්වය ඵලදායී සාකච්ඡා හරහා එකඟතා මාලාවකට පැමිණියහ.
ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළඳ සබඳතාවේ ස්ථාවරත්වය හා තුලනය තහවුරු කිරීම සඳහා, ලෝක වෙළඳ සංවිධානයේ නීති රාමුව යටතේ මතභේද නිසි ලෙස පාලනය කරන බව දෙපාර්ශ්වය එහිදී යළි අවධාරණය කර ඇත. 2027 මාර්තු මාසයේදී තුන්වන නිත්‍ය රැස්වීම පැවැත්වීමටත්, ජනවාරි මාසයේ අමාත්‍ය මට්ටමේ වීඩියෝ රැස්වීම පැවැත්වීමටත් එකඟ වී ඇත. එම කාලසීමාව තුළ දෙපාර්ශ්වය සමීප සන්නිවේදනයක් පවත්වා ගන්නා බව ද ප්‍රකාශ කර ඇත.
චීන-යුරෝපා වෙළඳ සහ ආයෝජන උපදේශන යාන්ත්‍රණයේ දෙවන නිත්‍ය රැස්වීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක්
Share
Read more



