රටවල් 45ක සහභාගිත්වයෙන් ‘බෙයිජිං ගිවිසුම’ නිකුත් කෙරේ

Share

“ලෝක වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපනය සඳහා වන ප්‍රමිති රාමුව” හෙවත් “බෙයිජිං ගිවිසුම” නිකුත් කෙරේ. ඊයේ (17) නිමාවට පත්වූ 2026 ලෝක වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන සංවර්ධන සමුළුවේ සමාප්ති උත්සවයේදී රටවල් 45ක් විසින් මෙම ගිවිසුම ඒකාබද්ධව නිකුත් කරන ලදී.
එම ගිවිසුමට අනුව, වෘත්තීය අධ්‍යාපනය හා තාක්ෂණය අතර සම්බන්ධතාව ශක්තිමත් කළ යුතුය. වෘත්තීය පාසල් පවත්වාගෙන යාම සඳහා වන පද්ධති ශක්තිමත් කිරීම මෙන්ම සමස්ත ජනතාව සඳහා අඛණ්ඩ අධ්‍යාපන හා පුහුණු පද්ධතියක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ද එම ගිවිසුමෙන් අවධාරණය කෙරේ. එමෙන්ම, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් අධ්‍යාපන හා ඉගැන්වීම් ක්‍රියාවලියේ ප්‍රතිසංස්කරණ ශක්තිමත් කළ යුතු බව ද එහි සඳහන් වේ.
“බෙයිජිං ගිවිසුම” ජාත්‍යන්තර වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, චීනයේ මූලිකත්වයෙන් සකස් කරන ලද වැදගත් ප්‍රථම ප්‍රමිතිගත පියවර වීම විශේෂත්වයකි.

Read more

Local News