අර්නාබ් ඉතා ප්රබල සුළිකුණාටුවක් බවට පත් වී ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ අංශ පවසනවා. එහි බලපෑම හේතුවෙන් ඔඩිෂා සහ ආන්ද්රා ප්රදේශ්චල ලක්ෂ 02ක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි එරට මාධ්ය වාර්තා කරන්නේ. මෙම සුළිකුණාටුවෙන් ශ්රී ලංකාවට වන බලපෑම ක්රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කෙසේ වෙතත් පැවැති අයහපත් කාලගුණය හමුවේ ප්රදේශ කිහිපයකම පහත්බිම් තවමත් ජලයෙන් යටව පවතිනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



