14වන ලියෝ පාප් වහන්සේ, ආර්ජන්ටිනාවේ ජනාධිපති Javier Milei සහ එරට දේශපාලන නායකයන්ගෙන් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන ලෙසත්, වචන භාවිතයේදී සංයමයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා තිබේ. ඒ ආර්ජන්ටිනාවේ Buenos Aires අගනුවරදී පැවැත්වූ සිය පළමු නිල දේශනයේදීය.
එය උන්වහන්සේගේ පූර්වගාමියා වූ පළමු ආර්ජන්ටිනා ජාතික පාප් වහන්සේ වන ෆ්‍රැන්සිස් පාප්වහන්සේට සිය මව්බිමට නැවත පැමිණීමට නොහැකි වූ සංචාරයයි.
ආර්ජන්ටිනාවේ මෙම සංචාරය ආරම්භ වූයේ ජනාධිපති Javier Milei සමඟ පැවැත්වූ පෞද්ගලික හමුවකිනි.
ඡන්දය භාවිතයෙන් තම නායකයන් තෝරාගැනීමට ජනතාවට ඇති නිදහසේ වැදගත්කම ද පාප් වහන්සේ මෙම සංචාරයේදී අවධාරණය කළහ.
එමෙන්ම බලයේ සීමාවන් හඳුනාගැනීම, නීතිය කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සහ සියලු පාර්ශ්වයන් වෙනුවෙන් ආයතන ක්‍රියාත්මක වීම ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
Share
Read more



