මැදපෙරදිග ගැටලු පිළිබඳ චීන විශේෂ නියෝජිතවරයා ඉරානයේ සංචාරයක

Share

මැදපෙරදිග ගැටලු පිළිබඳ චීන විශේෂ නියෝජිත Zhai Jun ඉරානයේ නිල සංචාරයක නිරත විය. එම සංචාරයේදී ඔහු ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කමිටුවේ උප ලේකම් Ali Bagheri-Kani ඇතුළු ඉරාන නිලධාරීන් පිරිස හමුවී චීන-ඉරාන සබඳතාව හා මැදපෙරදිග තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන ඇත.
මැදපෙරදිග සාමය හා ස්ථාවරත්වය සඳහා චීන ජනපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ යෝජනා හා මුලපිරුම් රැසක් අනුගමනය කරන චීනය රටවල් අතර අසල්වැසි මිත්‍ර සබඳතා වර්ධනය කිරීමට අනුබල දෙන බව Zhai Jun පැවසීය. පොදු පුළුල් සහයෝගීතාව සහතික කෙරෙන තිරසර ආරක්ෂක සංකල්පය මත කලාපීය ආරක්ෂාවේ නව රාමුවක් ගොඩනැගීමෙන් දිගු කාලීන සාමය හා සුරක්ෂිතභාවය සාක්ෂාත් කරගැනීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය. .
මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දැරූ ක්‍රියාකාරී කාර්යභාරය ඉරානය මෙහිදී අගය කර ඇත.

Read more

Local News