චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාව සමඟ Nvidia ප්‍රධානියාගේ සම්බන්ධය ගැන FBI විමර්ශනයක්

Share

Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang සහ චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාවක අතර පැවති සම්බන්ධතාව පිළිබඳව FBI ආයතනය විමර්ශනය කරමින් සිටින බව ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි.
චීන ඔත්තු බැලීමේ මෙහෙයුමක ඉලක්කයක් ලෙස Jensen Huang පත්ව සිටි බවට වාර්තා පළවීමෙන් පසුව, තමන් ඔහු සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව Trump සඳහන් කළේය.
එහිදී අදාළ කාන්තාව ඔත්තුකාරියක බව ඔහු දැන සිටියේදැයි තමන් විමසූ බවත්,එවැන්නක් පිළිබඳ දැනුවත්භාවයක් නොතිබූ බවත් Huang පැවසූ බව Trump ප්‍රකාශ කළේය. Huangගේ ප්‍රකාශය තමන් විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ මෙම චෝදනා කිසිදු පදනමක් නොමැති, අනුමාන මත පදනම් වූ සහ චීනයට අපහාස කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඒවා බවයි.

Read more

Local News