ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර

Share

බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය Sheikh Hasina යළි බංග්ලාදේශයට පැමිණෙන ලෙස ඉල්ලා සිටින ඇගේ ආධාරකරුවන් විසුරුවා හැරීම සඳහා එරට පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර තිබේ.
Hasinaගේ Awami League පක්ෂයේ තහනම් කරන ලද ශිෂ්‍ය සංවිධානය සහ ආරක්ෂක අංශ අතර Gopalganj දිස්ත්‍රික්කයේ ගැටුම් හටගෙන ඇති අතර එහිදී පොලිස් රථයකට ගිනි තබා තිබේ. හිටපු නායිකාව ඉන්දියාවේ සිට බංග්ලාදේශයට යළි පැමිණීම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් ඉල්ලා ඇති බව ප්‍රකාශ කිරීමෙන් පසු Hasinaට සහාය දක්වන ක්‍රියාකාරීහු මෙලෙස රටපුරා ඇයට සහය පළ කරමින් විවිධ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇත.

Read more

Local News