චීන – ප්‍රංශ සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට දෙරටේ එකඟතාව

Share

චීනය සහ ප්‍රංශය අතර සංවාද හා සහයෝගීතාව ශක්තිමත් කරමින් දේශපාලනික විශ්වාසය තහවුරු කර ගැනීමත්, පොදු අභියෝගවලට එක්ව මුහුණ දීමත් වැදගත් බව චීන විදේශ ඇමති Wang Yi පවසයි.

යුරෝපා හා විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍ය Jean-Noel Barrot සමග ඊයේ(10) දුරකථන සාකච්චාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජික රටවල් දෙකක් මෙන්ම ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් ද වන චීනය සහ ප්‍රංශය ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳ අදහස් හුවමාරු කර ගනිමින් සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු බව Wang Yi පැවසීය. ඔහු පෙන්වා දුන්නේ එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පද්ධතිය ආරක්ෂා කිරීමට දායක විය හැකි බවයි. එමෙන්ම දෙරට නායකයන් ඇතිකර ගත් එකඟතා ක්‍රියාත්මක කරමින් චීන-ප්‍රංශ සබඳතා ස්ථාවරව පවත්වාගෙන යාමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.

එකම චීනය මූලධර්මය සම්බන්ධයෙන් ප්‍රංශය සිය කැපවීම ක්‍රියාවෙන් තහවුරු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම කීය.

චීනය සමග ඉහළ මට්ටමේ සහයෝගීතා පවත්වාගෙන යාමටත්, උපායමාර්ගික විශ්වාසය තවදුරටත් වර්ධනය කිරීමටත් ප්‍රංශය කැපවී සිටින බව Jean-Noel Barrot එහි දී සඳහන් කළේය.එක්සත් ජාතීන්ගේ කටයුතු සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් දෙරට අතර අදහස් හුවමාරුව ශක්තිමත් කිරීමට ප්‍රංශය අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

යුරෝපා සංගමය සහ චීනය අතර සංවාද හා සහයෝගීතාව වර්ධනය කිරීමට ප්‍රංශය සක්‍රිය දායකත්වයක් ලබාදෙන බව ඔහු වැඩිදුරත් සඳහන් කළේය.

Read more

Local News