එපෙක් සංවිධාන නායකයන්ගේ 33 වැනි සමුළුවට සියල්ල සූදානම්

Share

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් එපෙක් සංවිධාන නායකයින්ගේ 33 වන නිල නොවන රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ. හෙතෙම එහිදී දේශනයක් ද සිදු කරනු ඇත. එම රැස්වීම නොවැම්බර් 18-19 යන දෙදින තුළ චීනයේ Shenzhen නගරයේදී පැවැත්වෙයි. මෙහි ප්‍රධාන තේමාව වනුයේ ‘හවුල් අනාගතයක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගමින් පොදු සමෘද්ධිය තහවුරු කිරීම’යන්නයි.
එමෙන්ම, 2026 වසරේ එපෙක් කාර්මික හා වාණිජ ප්‍රධානීන්ගේ සමුළුව ද එළඹෙන 17 සහ 18 යන දෙදින Shenzhen නගරයේදී පැවැත්වෙයි. ෂී ජින්පිං එහි සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රධාන දේශනයක් සිදු කරනු ඇත.
මේ අතරතුරදී, ෂී ජින්පිං එම අවස්ථාවලට එක්ව සිටින විවිධ ආර්ථිකයන්හි නායකයන් හෝ නියෝජිතයන් වෙනුවෙන් පිළිගැනීමේ භෝජන සංග්‍රහයක් පවත්වන අතර, විදේශී රටවල නායකයන් සමග එක්ව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය අද(13) ප්‍රකාශ කළේය.

Read more

Local News