ද්විපාර්ශ්වික වෙළඳාම ස්ථාවර කිරීමට චීනය සහ ඇමරිකාව අතර සාකච්ඡා අඛණ්ඩව

Share

තීරු බදු අවම කිරීම, වෙළඳාම හා ආයෝජනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. ඉකුත් සැප්තැම්බර් මස පැවති 8වන චීන-ඇමරිකා ආර්ථික හා වෙළඳ සාකච්ඡා මගින් එළඹුණු එකඟතාවට අනුව චීනය හා ඇමරිකාව එකිනෙකාගෙන් ආනයනය කළ ඇමරිකානු ඩොලර් බිලියන 30ක වටිනාකමින් යුත් භාණ්ඩ කෙරෙහි සමාන අනුපාතිකයක් යටතේ තීරුබදු අවම කරනු ඇත. ද්විපාර්ශ්වික වෙළඳාම ස්ථාවර හා පුළුල් කිරීම සඳහා එම එකඟතාව ඉවහල් වන බව චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශක හ යා තුං මහතා ඊයේ (12) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේය. දැනට දෙපාර්ශ්වය අදාළ පියවර ගැනීම සම්බන්ධයෙන් අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News