29 වන චීන – ආසියාන් සමුළුවට සහභාගි වීමට චීන අගමැති පිලිපීනයට

Share

29 වන චීන-ආසියාන් සමුළුවට සහභාගි වීම සඳහා චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා පිලිපීනයේ මැනිලා අගනුවරට පැමිණෙයි.
ආසියාන් සංවිධානයේ වත්මන් සභාපතිත්වය දරන පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් මහතාගේ ආරාධනයකට අනුව හෙතෙම මෙම සංචාරයට එක්ව ඇත.
තායිලන්තයේ සිදු කළ නිල සංචාරය අවසන් කිරීමෙන් අනතුරුව, චීන අග්‍රාමාත්‍යවරයා මැනිලා නුවර වෙත පැමිණියේ ඊයේ (15) දිනයේදීය.
29 වන චීන-ආසියාන් සමුළුව අද (16) පැවැත්වීමට නියමිතය.

Read more

Local News