Starshield වේග සීමා හේතුවෙන් රුසියානු ප්‍රහාර වැළැක්වීමේදී යුක්‍රේනයට බාධා – Zelensky

Share

ඇමරිකානු චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව තවමත් ප්‍රමාණවත් වේගයකින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුසියානු ප්‍රහාර වැළැක්වීමට යුක්රේනයට ඇති හැකියාවට බලපෑම් එල්ල වී ඇති බව යුක්රේන ජනාධිපති Volodymyr Zelensky පවසයි.
“මෙම සීමාවන් ඉවත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ශීත ඍතුවට පෙර ජීවිත ආරක්ෂා කිරීම සහ යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් ආරක්ෂා කිරීම මේ මත සෘජුවම රඳා පවතිනවා” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
Elon Musk සතු Starlink සේවාවේ මිලිටරි භාවිතය සඳහා වෙන් වූ Starshield පද්ධතියේ වේගය සම්බන්ධයෙන් මෙම ගැටලුව සති කිහිපයක සිට පවතී. මෙම සේවාව ඇමරිකානු රජය විසින් යුක්රේනයට ලබා දී තිබේ.
මේ සම්බන්ධයෙන් ඇමරිකානු රජය සහ Elon Musk ගේ සමාගම සමඟ “හැකි තරම් සමීපව කටයුතු කරන ලෙස” තම නිලධාරීන්ට උපදෙස් දුන් බව Zelensky පැවසීය.
කෙසේ වෙතත්, එම සීමාවන්ට තමන් වගකිව යුතු නැති බව Donald Trump ප්‍රතික්ෂේප කළේය. එමෙන්ම එම සේවාව යළිත් සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලෙස තමන් Elon Musk වෙත දැනුම් දුන් බව ද ඔහු පැවසීය.

Read more

Local News