අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කරුණු දැක්වීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට නොවැම්බර් 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය යළි නොතීසි නිකුත් කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව සඳහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා. අදාළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ.
මීට පෙරද මේ සම්බන්ධයෙන් විමල් වීරවංශට නොතීසි නිකුත් කර තිබුණද, එදින ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි යළිත් මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ.



