Nvidia සමාගමේ Jensen Huang යළි සභාපති සහ ප්රධාන විධායක නිලධාරී ධුරයට පත් කිරීමත් සමඟ කෘත්රිම බුද්ධි (AI) ක්ෂේත්රය පිළිබඳ ආයෝජක විශ්වාසය ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඊයේ (23) ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වූ අතර S&P 500 දර්ශකය 4.73%කින් ද, Nasdaq Composite දර්ශකය 6.51%කින් ද, Dow Jones දර්ශකය 3.01%කින් ද ඉහළ ගොස් ඇත.
එමෙන්ම Tesla, Alphabet සහ Meta Platforms ඇතුළු ප්රධාන තාක්ෂණික සමාගම්වල කොටස් මිල ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. මෙම වර්ධනයත් සමඟ පසුගිය සති කිහිපයේ පැවති AI ආයෝජන අවිනිශ්චිතතාව සමනය වී ආයෝජක විශ්වාසය යළි ශක්තිමත් වී ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



