පාකිස්තාන ගගනගාමී Muhammad Zeeshan Ali චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිවිසෙන ප්‍රථම විදේශ ගගනගාමියා බවට පත්වීමෙන් චීනය හා පාකිස්ථානය අතර කිසිදා බිඳ දැමිය නොහැකි මිතුදම යළි පිළිබිඹු වන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය Muhammad Shahbaz Sharif මහතා පවසයි. පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ(25) ප්‍රකාශ කළ නිවේදනයේ මේ බව සඳහන් විය.
පාකිස්තානය මෙම ඓතිහාසික මෙහෙයුමට සහභාගි කර ගැනීම පිළිබඳව Muhammad Shahbaz Sharif මහතා චීනය වෙත ස්තුතිය පළ කරයි. ලෝක සාමය හා පොදු සංවර්ධනය සාක්ෂාත් කිරීමමේදී සමාන ස්ථාවරයකට පැමිණීම පමණක් නොව චීනය හා පාකිස්තානය අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්රයේ ද අත්වැල් බැඳ ගෙන ඉදිරියට යයි. එමගින් දෙරට මිතුදම තුළ ඇති ශක්තිය කැපී පෙනෙන බව හෙතෙම අවධාරණය කරයි.
පාකිස්තානය විවිධ පාර්ශ්වයන්ගේ උත්සාහය යටතේ අභ්‍යවකාශ ගවේෂණ හා නවීන විද්‍යා ක්ෂේත්රයේ නව මට්ටමක් වෙත ගමන් කරමින් සිටින බව Muhammad Shahbaz Sharif මහතා සඳහන් කරයි.
චීන-පාකිස්තාන අභ්‍යවකාශ සහයෝගීතාව දෙරටේ ශක්තිමත් මිතුදම පිළිබිඹු කරන බව පාකිස්තාන අගමැති කියයි
Share
Read more



