දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

Share

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩි විය හැක.

එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

Read more

Local News