දින නවයක් තායිලන්තයේ ලෙනක සිර වී සිටි පිරිමි දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඔවුන් කිසිවෙකුගේත් ජීවිතයට හානියක් නැති අතර ඔවුන් සියලු දෙනා ආරක්ෂිතව පසු වෙයි.
දරුවන් දොළොස් දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සොයාගනු ලැබුනේ චියන්ග් රායි ප්‍රදේශයේ පිහිටි තාම්-ලුඅන් ලෙන් ආසන්නයේ සිදුකරන ලද දැවැන්ත බේරාගැනීමේ මෙහෙයුමකින් අනතුරුවය.