මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් පුළුල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ඉදිරියේදී ජනාධිපතිවරයා ලෙස තම අත්සන යොදන බව ජනාධිපතිතුමා පවසයි.
මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගණයේ පැවති “මතට එරෙහිව පාසලෙන් ජවයක්” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
කෙසේ වෙතත් මිනිමැරුම් සහ ස්ති‍්‍ර දූෂණ ඉහළ යාමට මත්ද්‍රව්‍ය සේම සමාජ වෙබ් අඩවි ද අද ප්‍රධාන සාධකයන් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මෙන්ම දෙමාපියන්ගේ ද ප්රමුඛ අවධානය යොමු විය යුතු බව සඳහන් කළේය.
යහපත් සහ මතින් නිදහස් රටක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් දැනුවත් කරමින් ඔවුන් සමාජයේ ප්‍රධාන පණිවිඩකරුවන් බවට පත්කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.