සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය ඊයේ (12) ගාල්ල ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී ආරම්භ විය.
ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 287ක් වන අතර ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න එම ඉනිමේ දී ලකුණු 158 ක් රැස් කර ගැනීමට සමත් විය.
ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකාව ඊයේ දිනය නිමා වන විට කඩුලු එකක් දැවී ලකුණු 4ක් ලබා සිටියේය.
ඒ අනුව දෙවන දිනය වන අද (13) දිනයේ තරඟය ආරම්භ වීමත් සමග දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවන්ට අද දින සාර්ථක වීමට හැකි වුයේ නැත.
කණ්ඩායම් නායක පන්දු 88කදී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 49ක් පමණි.
ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම දිනය නිමා විමටත් පෙර පන්දුවාර 54යි පන්දු 3කදී සියල්ලන් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව ලකුණුු 126ක් පමණි.
පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් දවාගත් අතර රංගන හේරත් සහ සුරංග ලක්මාල් කඩුලු 2 බැගින් දවා ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 287ක් ලබා ගනිමින් දකුණුු අප්‍රිකාවට වඩා ලකුණු 186ක් ඉදිරියෙන් සිටියි.