පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය අද සිට දින නියමක් නොමැතිව වසා දමයි

Share

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය අද (17දා) සිට දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඉංජිනේරු පීඨයේ සිසුන් අඛණ්ඩව සිදුකරන පංති වර්ජනය හා සනාතන මන්දිරය ඉදිරිපිට පවත්වන උපවාසය හේතුවෙන් මෙසේ ඉන්ජිනේරු පීඨය වසා දමා තිබේ.

ඉන්ජිනේරු සිසුන්ට අද පස්වරු 2.00ට පෙර විශ්වවිද්‍යාලයෙන් ඉවත්වන ලෙසට දන්වා ඇති බවයි වාර්තා වන්‌න‍ේ.

Read more

Local News