Home දේශීය පුවත් නීතිවිරෝධීව ඔස්ට්‍රේලියා‌වේ සංක්‍රමණය වී සිටි ලාංකිකයන් 18 ක් පිටුවහල් කරයි

නීතිවිරෝධීව ඔස්ට්‍රේලියා‌වේ සංක්‍රමණය වී සිටි ලාංකිකයන් 18 ක් පිටුවහල් කරයි

0
නීතිවිරෝධීව ඔස්ට්‍රේලියා‌වේ සංක්‍රමණය වී සිටි ලාංකිකයන් 18 ක් පිටුවහල් කරයි

නීතිවිරෝධී ක්‍රම භාවිතා කර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු අද (17දා) දින උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බව ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරීවරයා පැවසීය.

මෙම පිරිස ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට, එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

එක් අයෙකුට, දෙදෙනා බැගින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙකු ද මෙම ගුවන් යානයේ පැමිණ සිටියහ.

A- 319 එයාර් බස් වර්ගයේ මගීන් 160 දෙනෙකුට පමණ ගමන් කළ හැකි විශාල මගී ගුවන් යානයක් මෙම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය යොදවා තිබීම, ඕස්ට්‍රේලියාව මෙම පිටුවහල් කිරීම් සම්බන්ධයෙන් දක්වන උනන්දුව ප්‍රකාශ කරන බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here