ගුවන් හමුදා ප්‍රදර්ශනය හා සැණකෙළිය 20දා සිට වීරවිල, ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ප්‍රදර්ශනය හා සැණකෙළිය Air Tatto – 2018 20දා සිට 22දා දක්වා වීරවිල, ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී පැවැත්වේ.
ප්‍රදර්ශනය පස්වරු 2.00 සිට පස්වරු 10.00දක්වා මහජනතාව සඳහා විවෘත ව පවතී.
මෙම ප්‍රදර්ශනයේ දී ගුවන් හමුදාවේ පෞඪත්වය පිළිඹිමු කරමින් ගුවන් හමුදා ආරම්භයේ සිට මේ දක්වා විකාශය, එදා මෙදා තුර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රටටත් ජනතාවටත් සිදුකළ කාර්යභාර්ය හා සේවාවන් පිළිබඳ ජනතාව දැනුම් කිරීම සිදු කෙරේ.
මෙම ප්‍රදර්ශනය ගුවන් කරනම්, සංදර්ශන, රෙජිමේන්තු විශේෂ බලකා භටයන්ගේ ගුවන් යානා මගින් සිදුකරන මුදවාගැනීමේ සජීවි සංදර්ශන, පැරිෂුට් සංදර්ශන, ගුවන් සුනඛ සංදර්ශන, සරඹ සහ තූර්ය වාදන සංදර්ශන, ප්‍රදර්ශන කුටි, වෙළෙඳ කුටි සහ රාත්‍රී සංගීත සංදර්ශන ඇතුළු අංගයන් රැසකින් සමන්විත වේ.

Read more

Local News