වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරුණගම ග්‍රාම නිලධාරී වසමේ කොටවෙහෙරගල රක්ෂිතයේ අද (19) දහවල් සිට විශාල ගින්නක් හටගෙන තිබේ.එම ගින්න මේ වනවිට රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ගින්න කෙසෙල් වගාවන් ඇතුළු වගාවන් රැසක්ම ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න නිසා රක්ෂිතයේ අක්කර විස්සකට වඩා සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.