පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (26) පෙරවරුවේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මැතිවරණ කොමිසන් සභාවේ නියෝජිතයින් ද සහභාගිවීමට නියමිතය.
මෙම සාකච්ඡාවේදී දැනට කාලය ඉකුත් වී ඇති පළාත් සභා ඇතුලූ අනෙකුත් පළාත් සභාවල ඡන්දය කුමන ආකාරයට පවත්වන්නේද යන්න පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ඇත.