නීති විරෝධීව මෙරටට රත්‍රං රැගෙන ආ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස මෙරටට රත්‍රං රැගෙන ආ ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

චෙන්නායි හී සිට මෙම ඉන්දීය ජාතිකයින් දිවයිනට පැමිණ ඇති බව ගුවන්තොටුපළ රේගුව සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින්ගේ යටිපතුල් තුළ අලවා තිබූ රන් කැබලි 06ක් සොයාගෙන තිබේ.

එම රන් කැබලි වල වටිනාකම රුපියල් ලක්ෂ 29කට අධික බව ගුවන්තොටුපළ රේගුව සඳහන් කළේය.

Read more

Local News