ගල්කඩුල්ල පාලම අසල දිය නෑමට ගිය පුද්ගලයෙකු මහවෙල, ගල්කඩුල්ල ඔයේ ගිලීමෙන් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ අකුරම්බඩ, වෙන්දේසියාය ප්රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත ශරීරය මාතලේ රෝහලේ තැන්පත් කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) දින සිදුකිරීමට නියමිතය.



