බඹරු ඇවිස්සීම නිසා කිතුල්කෝටේ විද්‍යාලය අද දින වසා දැමේ

Share

වැල්ලවාය අධ්‍යාපන කළාපයට අයත් කිතුල්කෝටේ මහා විද්‍යාලයේ බඹරු කුඩූ දෙකක් ඇවිස්සීම නිසා ඊයේ (30) සහ අද (31) දින පාසල වසා දමා ති‌බේ.

ඊයේ උදෑසන අලුතින් ඉදිවන ගොඩනැගිලි දෙකක තිබූ මෙම බඹර කූඩූ ඇවිස්සී ඇති අතර එම නිසා ඊයේ දින දෙමාපියන් පැමිණ පාසල් සිසුන් නිවෙස් වෙත කැදවා ගොස් ඇත.

අද දින මෙම බඹර කූඩු ඉවත් කීරීමට නියමිත නිසා පාසල අද වසා ති‌බේ.

Read more

Local News