සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (01) පැවැත්වීණි.
ඒ අනුව දෙවැනි එක්දින තරගයේදී කඩුලු 4ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 244ක් රැස් කළේය.
ඒ අනුව ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 42යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී සිය ඉලක්කය පසු කළේය.
ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී ලකුණු 79 ක් ලබා ගත්තේය.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 69 යි.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු කඩුල්ට අගනා සබඳතාවක් එක් කළ ක්වන්ටන් ඩි කොක් පන්දු 78කදී ලක්ණු 87ක් සහ හෂිම් අම්ලා පන්දු 43කදී ලකුණු 43ක් රැස් කිරීමට සමත් වූහ.
තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2 ට බින්දුවක් ලෙසට දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවෙයි.