දිස්ත්‍රික්ක කිහිපයකට තරමක තද සුළං තත්ත්වයක්

Share

හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර තරමක තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර තරමක තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බවයි.

මේ අතර, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුණේ දක්වා මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News