හෙඳ පීඨයේ ශිෂ්‍ය නේවාසිකාරගාරයට මුල්ගල් තැබීම සෞඛ්‍ය ඇමති ප්‍රධානත්වයෙන් අද

Share

උපාධිධාරි හෙඳ නිලධාරීන් බිහි කිරීම සදහා මුල්ලේරියාව රෝහල් පරිශ්‍රයේ ඉදිකරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලීය හෙඳ පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර සංකීර්ණය සදහා මුල්ගල් තැබීම අද (04) පෙරවරු 10.00 ට සිදු කිරිමට නියමිතය.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සදහා වැය කරනු ලබන මුදල රුපියල් බිලියන 07 කි.

අංගසම්පූර්ණ නේවාසිකාගාරයක් වන මෙහි ක්‍රීඩා පහසුකම් වලින් ද යුක්ත වේ. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ඉදිකෙරන හෙද පීඨය ශ්‍රී ජයවර්ධනපුර රෝහල් භූමියේ මේ වන විට ඉදිවෙමින් පවතියි.

Read more

Local News