නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ පනත් කෙටුම්පතක් සහ නියෝග තුනක් විවාදයට

Share

බද්ධ නිවාස අයිතිවසිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග තුනක් අද (08) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී විවාදය අරම්භ කළේ ය.

රජයට අයත් නිවාස වල නිසි නඩත්තුවක් නොමැති වීම නිස රජයේ මුදල් වියදම් කර නඩත්තු කිරීමට සිදුව තිබෙනවා. නව පනත මඟින් ඉදිරි වසර 5ක කාල සීමාව තුළ නිවාස සඳහා ඔප්පු ලබදීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙනවා. නිවස 7477ක පදිංචි ප්‍රජාවට ඔප්පු ලබාදීමට කටයුතු කෙරෙනවා. බද්ධ නිවාස පනත තුළින් පවුල් 7477 ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම තුළින් විශාල සෙතක් සැලසෙනවා.

ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ශක්තිමත් භාවය හා කාර්යාක්ෂමතාවය වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. අපි හැමෝම දුටුවා, පසුගිය මස කීපය තුළ නියමිත ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම් සිදුකිරීමේ මහජන ආරක්ෂාවට දැවැන්ත මරු පහරක් සිදු වුණා. අද පනවන නීති රීති මඟින් නියමිත ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම් සහතික වන අතර මහජන ආරක්ෂාව ද සුරක්ෂිත වෙනවා. ගුණාත්මකභාවයෙන් යුත් ඉදිකිරීම් පද්ධතියක් අපේ රටේ  නිර්මාණය කිරීමට රුකුලක් වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය

Read more

Local News