සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එරට විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතරට දරුවන් 12 දෙනෙකු ද සිටින බවයි.
පිපිරීමෙන් පසු තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව ද සිරියානු බලධාරීහු සඳහන් කළහ.
පිපිරීමෙන් ආයුධ ගබඩාව තිබූ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.