තායිවානයේ – නව තායිපේ නගරයේ රෝහලක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම රෝහලේ 07 වන මහලේ සිදුවූ මෙම ගිනි ගැනීමෙන් එහි සිටි රෝගීන් ඇතුලූ 16 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇත.
ගින්නට හේතුව නිශ්චිතව අනාවරණ වී නොමැති අතර, විදුලි කාන්දුවක් ඊට හේතුව බවට සැක කෙරේ.




