Home දේශීය පුවත් වී අලෙවි මණ්ඩලය ගොවියකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝ 1000කින් වැඩි කරයි

වී අලෙවි මණ්ඩලය ගොවියකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝ 1000කින් වැඩි කරයි

0
වී අලෙවි මණ්ඩලය ගොවියකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝ 1000කින් වැඩි කරයි

වී අලෙවි මණ්ඩලය විසින් එක් ගොවිමහතෙකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය තව කිලෝ ග්‍රෑම් 1000කින් වැඩි කරයි.

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත. යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රජය විසින් රු.මි. 4998 ක මුදලක් වෙන්කර තිබේ.

මෙතෙක් වී අලෙවි මණ්ඩලය විසින් එක් ගොවිමහතෙකුගෙන් මිල දී ගන්නා වී ප්‍රමාණය කි.ග්‍රෑ. 2000කි. නමුත් එම ප්‍රමාණය තවත් කි.ග්‍රෑ. 1000කින් ඉහළ නංවා, වී කි.ග්‍රෑ. 3000ක් වශයෙන් මිලදී ගැනීමට රජය විසින් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) දින ප්‍රකාශ කළේ ය.

වී අලෙවි මණ්ඩලය විසින්, මේ වනවිට සම්බා කි.ග්‍රෑ. 01ක්, රු.41 කට සහ නාඩු කි.ග්‍රෑ. 01 ක් රු. 38කට වශයෙන් සහතික මිලක් යටතේ මිලදී ගැනීම සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here