Home ක්‍රීඩා පුවත් සිව්වන දිනය අදයි – ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්

සිව්වන දිනය අදයි – ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්

0
සිව්වන දිනය අදයි – ශී‍්‍ර ලංකාවට ලකුණු 301ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අද(17) යි.

ඊයේ තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 09ක් දැවී ලකුණු 324ක් රැස් කර ගෙන සිටියේය.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 290ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 336ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 46ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ එංගලන්තය, තරඟයේ සිව්වන දිනය වන අද දිනයේ එංගලන්ත දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩසන් දැවී යනවිට එංගලන්ත දෙවන ඉනිම ලකුණු 346ක් ලෙස සටහන් වී තීබුණි.

එ් අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව ලකුණු 301ක් ලබාගත යුතු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here