විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පාගමන කොළඹ ලෝටස් වටරවුම අසලදී කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.
මේ හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (04) පස්වරු 01.30 ට පමණ කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසලින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ඇති අතර රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල සිදුවන ශිෂ්‍ය මර්දනයට එරෙහිව සංදේශයක් බාරදීම සඳහා මොවුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි.