රත්නපුර-පානදුර මාර්ගයේ ගොරකා ඇල, තෙප්පනාව මාර්ගයේ පුද්ගලයින් දෙදෙනෙක් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ.
තෙප්පනාව මාර්ගයේ ට්රාන්ස්පෝමරය අසල දී කැපුම් තුවාල සහිතව සිටි පුද්ගලයින් තිදෙනෙකු රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් තිබේ.
මියගොස් ඇත්තේ 34 සහ 35 යන වයස්වල පසුවන දොඩම්පේ ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
තුවාලකරු මේ වන විට රත්නපුර රෝහලේ ප්රතිකාර ලබන අතර රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



