වත්මන උද්ගත වි තිබෙන දේශපාලන තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.
ඒ මහතා ඊයේ දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් “අපි අභියෝග කරනවා එක්සත් ජාතික පක්ෂයට කරුණාකරලා මැතිවරණයකට එකඟ වෙන්න. අපේ අය අත්සන් කරනවා තුනෙන් දෙක ගන්න. මිනිස්සු ඒ අය සමග ඉන්නවානම් ඡන්දයකට එන්න.” ලෙස වැඩ්දුරටත් පැවසීය.